Rhythm World Onstage ගැන යමක්

Rhythm World Onstage, මේ තමයි ශ්‍රී ලංකාවේ Music හැදෙන තැන. Radio කලාවේ අලුත්ම තැනක් හොයාගෙන සංගීත ලෝකයේ අලුත්ම තැනක් touch කරපු අළුත් විදිහේ වැඩක්.

අපේ රටේ Music Band නම් ඕනි තරම් එත් ඉතින් ඒ අතරින්, ජනප්‍රිය music band තියෙන්නේ කීයෙන් කියද? මිනිස්සු ගැවසෙන තැනකට ගිහින් එතන ඉන්න අයත් එක්ක කතා කරොත් Music ගැන උනන්දුවක් කැමැත්තක් තියෙන අය ඕනි තරම් මුණගැහෙයි. ඒ උනන්දුව තියෙන්න කොල්ලෝ එකතු වෙලා හදපු music band ඕනි තරම් තියෙනවා. ඒ කොල්ලොන්ගේ බලාපොරොත්තුව කවද හරි ගමේ, නගරයේ, රටේ දන්නා කියන band එකක් වෙන එක නේද? එත් එහෙම අයට අවස්ථාවක් අප‍ රටේ තිබුනේ නෑ. ඒ නිසා අපි හිතුවා ඒ හිත වලට අලුත් පණක් දෙන්න, ඒ දක්ෂ කොල්ලොන්ට තැනක් හදලා දෙන්න අපි තීරණය කරා. අභියෝග භාර ගන්න කැමති තමන්ගේ දක්ෂතාවය ගැන විශ්වාස පිරිස් අපි එක්ක එකතු වෙන්න පටන් ගත්තා.

එත් ඉතින් Rhythm World Onstage ගැන එක එක්කෙනා එක එක විදිහට දකින්න පුළුවන්. සමහරු හොඳ විදිහට, සමහරු නරක විදිගට දකියි. එත් ඉතින් කවුරු කොහොම හිතුවත් අපි අපේ Onstage ගමන පටන් ගත්තා. ඒ November මාසේ පළවෙනිදා. TNL Radio Network ආයතනයේ ගරු සභාපති නිරාජ් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ධාරක අබේවික්‍රම මහතාගේ ශක්තියෙන් Rhythm World කළමණාකාර තුමන්ගේ මෙහෙයවීමෙන් මේ කටයුතු සංවිධානය වුනා.

ලංකාවේ සංගීතයට ආදරය කරන අයට වගේම Rhythm World අපිටත් මේක අලුත්ම අත්දැකීමක්. ලංකාවේ දක්ෂතම සංගීත කණ්ඩායම, අනුශුර සංගීත කණ්ඩායම වගේම දක්ෂතම සංගීතඥයා හොයාගෙන යන අතරතුර ඔවුන්ට සංගීත ලෝකයේ තැනක් හදලා දෙන්න අපි උපරිමයෙන් කැපවෙනවා,

මේ වෙනකොට අපේ Rhythm World කතාවේ පළමු පරිච්චේදය පෙරලන්න අපි පටන් අරගෙන තියෙන්නේ. Rhythm World Onstage Season 1 සමඟත් ඉදිරි Season සමඟත් අපිත් එක්ක රැඳී ඉන්න.

 

News

Main Sponser

Official Banking Partners

Official AV Partner

Official Print Media Partner

Official Print Media Partner

Official Print Media Partner

Official TV Partner

Official Food Partner

Official Clothing Partner

Official Online Partners

Official Online Partners