Rhythm World Onstage අයඳුම්පත් කැඳවීම සිදුවුනේ මෙහෙමයි

ලංකාවේ මේ දවස් වල එක එක විදියේ reality show තියනවා. radio, tv එක එක විදියේ දේවල් කරනවා. මේ හැම එකකම ලොකු ඒකාකාරී බවක් අපි දැක්ක. එයින් මිදිල මාධ්‍ය කලාවේ වෙනසක් කරන්න අපිට හිතුනා. මේ idea එකෙන් අපි පටන් ගත්ත අළුත් වැඩේ තමයි රිදම් world onstage කියන්නේ. පුංචි කාලේ අපිට එක එක විදියේ හීන තියනවා. එයින් කීයක් මේ මහපොළොවේ ක්‍රියාවට නංවන්න පුළුවන් වුනාද කියන එකනම් ගැටළුවක්. සමහරවිට ඒ වෙනුවෙන් අත දෙන්න කවුරු හරි කෙනෙක් උන්නනම් ඒ හීන අද මල්පල ගැන්නෙන්න තිබුනා. අපි හදන්නේ එහෙම set එකකට help එකක් දෙන්න.

අපි මාධ්‍ය ආයතනයක් විදියට උත්සාහ කරන්නේ අපිව අහන අසන්නන්ගේ attitude change කරන්න. ඒ කටයුත්තේදී ලංකාවේ music හදන වැඩක් පටන් ගන්න රිදම් world අපිට හිතුනා. ඒ නිසයි රිදම් world Onstage "music හැදෙන තැන" කියල අළුත් වැඩක් අපි පටන් ගත්තේ. මේක live band music team වලට stage එකක් හදන අපුර්ව වැඩක්. පුංචි කාලේ x-ray කොළ එකතු කරලා drams එකක් හදාගෙන එහෙ මෙහෙ තව කෑලි එකතු කරන් අමාරුවෙන් band ගහපු අපේ යාළුවන්ට කොහොමහරි ලංකාවේ නම ගිය band එකක් වෙන්න ලොකු හීනයක්, උණක් තියනවා කියලා අපි දන්නවා. මේ අතර ඉන්න දක්ෂම සංගීත කණ්ඩායම, හොයාගෙන යන්නයි රිදම් world onstage ආරම්භ කලේ.

ඉතින් මේ band උණ තියන සෙට් එකට අපි කිවුව එයාලගේ band එකේ ගීත 02 ඇතුලත් video එකක්, TNL Radio Network, අංක 52, 05 වන පටුමග, කොළඹ 03 ලිපිනයේ තියන අපේ කාර්යයාලයට ගෙනල්ලා දෙන්න කියලා. අපි මේ වැඩේ පටන් ගත්තේ 2016 නොවැම්බර් 01 ඉදලා. ඒ වගේම www.rhythmworld.lk අපේ වෙබ් site එකෙන් රිදම් world onstage එකට ලියාපදිංචි වෙන්න අවස්ථාව නවක සංගීත කණ්ඩායම් වලට ලබාදුන්නා. එතැනදී ඔවුන්ට කරන්න තිබුනේ රිදම් world onstage පිටුවේ තියන අයදුම් පත්‍රය සම්පුර්ණ කරලා, එයාලගේ video එක facebook හරි youtube හරි upload කරලා ඒ link එක අපිට එවන එක. මේ විදියට ලියාපදිංචි කටයුතු 2016 දෙසැම්බර් 08 වෙනිදායින් ඉවර කරන්න තමයි අපේ ඉලක්කය වුනේ. ඒත් සංගීත ක ණ්ඩායම් ගණනාවක් අපිට කතාකරලා තව ටිකක් කාලය දීර්ඝ කරන්න කියල ඉල්ලපු නිසාම අපි නැවත අයදුම් පත් භාරගන්නා කාලය 2016 දෙසැම්බර් 30 වෙනිදා දක්කවා දීර්ඝ කරා. ඇත්තටම විශාල දුරකථන ඇමතුම් ගණනක් අපේ වැඩසටහන් සම්බන්දීකාරක අමිල ජයසූරියට ආවා. එය ඉලක්කමක් විදියට කිවුවොත් 678 ක්.

අපි මේ හොයාගෙන යන්නේ ලංකාවේ දක්ෂම සංගීත කණ්ඩායම, ඒ වගේම අංශුර සංගීත කණ්ඩායම, දක්ෂම සංගීතඥයා. මේ අයට අපිට රුපියල් මිලියනයක් වටිනා මුදල් හා වෙනත් තෑගි දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ කටයුත්ත ඉතා විදිමත් බවකින් කරන්න අපි මුල ඉදලම වග බලාගත්තා.මේ වනවිට මුලික වටයේ සංගීත කණ්ඩායම් 50, සංගීත කණ්ඩායම්වල දක්ෂතා, හැකියා මත දැනටමත් තේරීම් කර අවසන්, සජීවී සංගීත ප්‍රසංග කලාවේ පවුරු ප්‍රාසාද බිදිමින් ඉදිරියට ඇදෙන රිදම් world onstage නවමු පියවරක් සමගින් හමුවෙමු.

News

Main Sponser

Official Banking Partners

Official AV Partner

Official Print Media Partner

Official Print Media Partner

Official Print Media Partner

Official TV Partner

Official Food Partner

Official Clothing Partner

Official Online Partners

Official Online Partners