මූලික වටයට තේරී පත්වුණ සංගීත කණ්ඩායම් 50

Rhythm World Onstage කියන්නේ ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී ඉන්න දක්ෂ සංගීත කණ්ඩායම් සඳහා වන අති දැවැන්ත තරඟයක්. Rhythm World අපි මේ තැන හඳුන්වන්නේ Music හැදෙන තැන කියලා. ඉතින් මේ Music හැදෙන තැන සටනට එකතු වෙලා අභියෝගය භාර ගන්න කැමති දක්ෂ, තරුණයින්ගෙන් සමන්විත සංගීත කණ්ඩායම් සිය ගණනක් අතරින්, මූලික වටයට තේරී පත්වුන සංගීත කණ්ඩායම් ගණන 50 ක්.

හැකියාවන්ගෙන් පරිපූර්ණ, වෙනස් රසයක් උද්දීපනය කළ හැකි යයි විශ්වාස කළ හැකි, එමෙන්ම අපේ රසිකයින්ගේ හදවත් තුළ වෙනසක් ඇති කළ හැකි සංගීත කණ්ඩායම් 50 මේ විදියට මූලික වටයට තේරී පත්වුනා.

රට පුරා පෙරළියක් කළ හැකි මට්ටමේ ගායන හැකියාවන් සහිත තරුණයින් මෙන්ම පසුබිම් සංගීතයේ වෙනස් මුහුණුවරක් ගොඩනැඟිය හැකි වාදක ශිල්පීන්ගෙන් පරිපූර්ණ වූ මේ සංගීත කණ්ඩායම් 50 අතරින් දක්ෂතම කණ්ඩායම, අනුශූර සංගීත කණ්ඩායම සහ හොඳම සංගීතඥයා තේරීමට රිදම් world අපි සූදානම්.

මූලික වටයට තේරී පත්වූ සංගීත කණ්ඩායම් අතරින් වැඩිම කණ්ඩායම් ගණනක් තරඟ බිමට පිවිසෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ සංගීත කණ්ඩායම් 15 ක්. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් සංගීත කණ්ඩායම් 10ත්, කළුතර දිස්ත්‍රික්කයෙන් කණ්ඩායම් 06ත් ඇතුළුව බස්නාහිර පළාතෙන් මූලික වටයට තේරී පත්වුන සංගීත කණ්ඩායම් ගණන 31ක්. එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයෙන් සංගීත කණ්ඩායම් 05 මාතර දිස්ත්‍රික්කයෙන් කණ්ඩායම් 02 සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 01 ක කණ්ඩායමක් සමඟින් දකුණු පළාතෙන් Rhythm World Onstage සඳහා මූලික වටයට තේරී පත්වූ සංගීත කණ්ඩායම් ගණන 08ක්.

ඒ වගේම කන්ද උඩරට අභිමානය රැගත් මහනුවර දිස්ත්‍රික්කයෙන් කණ්ඩායම් 03ක් සමඟින් Rhythm World Onstage තරඟයේ සටන් බිමට අවතීර්ණ වන්නට සබරගමු පළාත නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් කණ්ඩායම් 02 ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් එක් සංගීත කණ්ඩායමක් සූදානම්. එමෙන්ම ඇතුගල් පුර ශක්තිය විදහා පාන කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් Rhythm World Onstage මූලික වටයට තේරී පත්වුන සංගීත කණ්ඩායම් ගණන 3ක්.

Band Name Location
Ten Thirty හෝමාගම 
Back Arrows ගාල්ල 
Saga Music Group මහනුවර 
Seven to Seven ජා ඇල 
Spandana කුරුණෑගල 
Live Ragazza කුලියාපිටිය 
Asela With Beji කුරුණෑගල 
Nine M live band පැපිලියාන 
Ahungalla Flamingoes අහු॰ගල්ල 
The Flash නාරහෙන්පිටිය 
Rhythm Rock ගාල්ල 
Aryans මීගමුව 
Sea Lions මහනුවර 
Cool Live පානදුර 
Voltage බදුරලිය 
Night Park කඩුවෙල 
Neo Flash  බණ්ඩාරගම 
Saneesha මොරටුව 
Super Stars කළුබෝවිල 
Super Grade මහරගම 
Rashmi බත්තරමුල්ල 
Shaini මීගමුව 
Over Take සීදුව 
Suraba බියගම 
Ogara අහංගම 
Veenus මාතර
Live Sensitive ගාල්ල 
Successful තිස්සමහාරාමය 
Success කිරිල්ලවෙල
High Rank අත්තිදිය 
Friends කිරිඇල්ල 
Maheema කැලණිය 
Ato Z ආනමඩුව 
Southern අරංගල 
Classico ජයවර්ධනපුර 
Familiar මහනුවර 
Familians ජාඇල 
Differernce කොට්ටාව 
Silver Flash මොරටුව 
Suriyans පයාගල 
Tyrants මහරගම 
Super Angels බණ්ඩාරගම 
Classic රුවන්වැල්ල 
Sensate වෙන්නප්පුව 
Wega දෙල්ගොඩ 
New Melody දෙවුන්දර
Leo රත්නපුර 
Hello මීගමුව 

රුපියල් මිලියනයක් වටිනා මුදල් හා ත්‍යාග සමඟින් Rhythm World Onstage තරඟයේ කිරුළු පළඳන්නට සූදානම් වන මූලික වටයට තේරී පත්වුණ සංගීත කණ්ඩායම් 50ට අපගේ සුබ පැතුම්..!

News

Main Sponser

Official Banking Partners

Official AV Partner

Official Print Media Partner

Official Print Media Partner

Official Print Media Partner

Official TV Partner

Official Food Partner

Official Clothing Partner

Official Online Partners

Official Online Partners