දෙවන වටයට තේරී පත්වුණ සංගීත කණ්ඩායම් 20

කලාව කියන්නේ ලෝකේ තියෙන වඩාත්ම සුන්දර දේ. කලාව කියන දේ පිහිටන්නේ වාසනාවට කියලත් සමහරු කියනවා. ඒ වගේම කලාව ප්‍රගුණ කීරීම තුලින් ඒ වාසනාව තමන් සතු කරගන්න අයත් ඕනේ තරම් ඉන්නවා. කලාව තියෙන්නේ විඳින්න. හැබැයි රියලිටි වැඩසටහන් හඳුන්වා දීමත් එක්ක කලාවට තියෙන හැකියාව අභියෝගයට ලක්කරන්න කලා කරුවන්ට සිද්ද වුනා. සංගීත අඹරේ පායපු ගායන තරු වලට පිටිපස්සෙන් ඉඳන් සංගීතය සපයපු සංගීත කණ්ඩායම් ගැන අවධානය යොමු කරන්න කවුරුවත් හිටියේ නෑ.

කවදත් වෙනස් ආකල්ප දරපු රිදම් වර්ල්ඩ් අපි සංගීත කණ්ඩායම් වෙනුවෙන් අති විශාල මෙහෙයුමක් දියත් කළා. ඒ තමයි රිදම් වර්ල්ඩ් ඔන්ස්ටේජ් කියලා කියන්නේ. මේ මෙහෙයුමේ දෙවෙනි අභියෝගය දිනාගත්ත සංගීත කණ්ඩායම් ගැනයි මේ කෙටි සටහන.

  1. Super Stars - කළුබෝවිල
  2. Spandana - කුරුණෑගල
  3. Silver Flash - මොරටුව
  4. Saga Music Group - මහනුවර
  5. Ogara - අහංගම
  6. Flamingoes - අහුංගල්ල
  7. Aryans - මීගමුව
  8. Classic - රුවන්වැල්ල
  9. Hello - මීගමුව
  10. Voltage - බදුරලිය
  11. Rashmi - බත්තරමුල්ල
  12. High Rank - අත්තිඩිය
  13. Classico - ජයවර්ධනපුර
  14. Seven to Seven - ජා - ඇල
  15. Sensate - වෙන්නප්පුව
  16. Success - කිරිල්ලවල
  17. Night Park - කඩුවෙල
  18. Familians - ජා - ඇල
  19. Friends - කිරිඇල්ල 

ප්‍රවීණ විනිසුරු මඩුල්ලකගේ තියුණු අවධානයට ලක් වෙමින්, තමන්ගේ ගායන හා වාදන දක්ෂතාවයට ප්‍රමුකත්වය දෙමින් මේ අභියෝගය ජය ගන්න කරට කර සටනක යෙදෙන්න මේ සංගීත කණ්ඩායම් 20 ට සිදුවුනා.

මූලික වටයේ තරඟ වැදුන සංගීත කණ්ඩායම් 50 අතරින් අනෙක් කණ්ඩායම් 30 පරදවා ඉදිරියට ආ මේ සංගීත කණ්ඩායම් මේ දිනවල තමන්ගේ මීළඟ අභියෝගයට සූදානම් වනවා. ඒ අභියෝගය මේ සංගීත කණ්ඩායම් 20 ට මෙන්ම ඔබටත් නැවුම් අත්දැකීමක් වනු ඇති. රැදෙන්න අපිත් සමඟින් දිගටම.

 

News

Main Sponser

Official Banking Partners

Official AV Partner

Official Print Media Partner

Official Print Media Partner

Official Print Media Partner

Official TV Partner

Official Food Partner

Official Clothing Partner

Official Online Partners

Official Online Partners